විදුහල්පතිතුමාගේ පණිවුඩය


බොහෝ දුෂ්කරතා මැද පාසල් තුල ඇති ඉතා සීමිත සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින් පාසල සංවර්ධනයට කරා ගෙනයාමේ මහගු කාර්යයට උරදෙමින් එය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති දෙපළ  ඇතුලු ආචාර්යය මණ්ඩලයත් දරුවන්ද මට දෙනු ලබන සහයෝගය මම අතිශයින් අගය කොට සලකමි.
මෙම විදුහලේ අධ්‍යාපන මට්ටමින් ඉහල තලයකට ගෙන ඒමත් පාසල් දුවා දරුවන්ගේ දක්ෂතාවයන් හා කුසලතාවයන් හදුනාගෙන ඔවුන්ට අනාගත මං පෙත් විවර කර දීමත් මගේ එකායන පරමාර්ථය වන අතර යම් දිනක එම ප‍්‍රයන්තය සාර්ථක වී පුරන් වු නැණ කෙත් අස්වද්දා වස්සානයේ රන් නෙලා ගැනිමට හැකියාව ලැබෙනු ඇතැයි මා අපේක්ෂා කරමි.